← Back to all songs
HYMN

ගැලුවේ ඔබේ ලෙයයි, කස පහරින් තැලුනා

Galuvea Obea Leyai Kasa Paharin Thalunaa

~ අනුවාදනය ~ x 2

ගැලුවේ ඔබේ ලෙයයි

දැරුවේ මගේ දුකයි

සිතුවේ මා ගැනයි

ගෙව්වේ මගේ ණයයි

~ අනුවාදනය ~

කස පහරින් තැලුනා

යේසුනි ඔබේ කය

ඇණ පහරින් කැඩුනා

යේසුනි ඔබේ කය

කටු ඔටුනින් බිඳුනා

යේසුනි ඔබේ හිස

මා වෙනුවෙන් පිදුවා

යේසුනි ඔබේ දිවිය

ගැලුවේ ඔබේ ලෙයයි...

සැම අපහස වින්දා

යේසුනි මා හින්දා

නෙතඟ කඳුළු සැලුනා

මට පෑ සෙනෙහෙ නිසා

කුරුසියේ තනි වූවා

යේසුනි මා නිසා

මගෙ ණය මෙලෙස ගෙවා

ඔබේ දරුවෙකු කළා

ගැලුවේ ඔබේ ලෙයයි... x 2

ගෙව්වේ මගේ ණයයි ///

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →