HYMN #B170
ගැලවීම සැනසීම දෙමි මේ දිනේ
Galaveema Sanaseema Dhemi Mea Dhinea
ගැලවීම සැනසීම දෙමි මේ දිනේ
ලොව පාපී දන සෑම එනු මා වෙතේ
ඔබෙ පාප දුක ශෝක දැරුවේ මෙමා
විසඳීමි ඔබෙ සෑම ගැටළු මෙමා
කුරුසෙහි මගෙ දිවි පුදමිනේ එදිනා
ගැලවීම දුනිමි සදා 3,4 //
ඔබෙ ගල් වූ සිත දෙන්න මගෙ හස්තෙටා
කඩලාම එය මෘදු කරමි සැණා
පසුතාපෙ ඇතිවේ හෘදෙහි එවිටා
කළ පාප වරද ගැනා 3,4 //
අයදින්න දෙව් පීතෘ හිමිගෙන් කමා
කියමින තම පාප අඩුකම් සැමා
සිත ප්‍රීති ඇති වේ ගැලවීලා පවිනා
අලුතෙන්ම ජනිත වුනා 3,4 //
එදිනේදි ලැබුවාවූ කස පහරිනා
සුවවිය ලෙඩ රෝග දුබල කමා
අදහන්න දෙවිඳුන්ගෙ මේ පෙම් වදනා
සුවවේය ඔබගේ වතා
ගැලවීම ඔබගේ අද මේ පැයේ
නොපමාව එනු දැන්ම කුරුසේ වෙතේ
පව එක්ව කෙලි සෙල්ලමේ දැන් සිටියොත්
ලත වෙන්ට සිදුවෙයි නිරේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →