← Back to all songs
HYMN #B051

එඬේරු තම රැළවල්

Enndearu Thama Ralaval Rakitha Raa Dhinea

නත්තල් · Christmas

එඬේරු තම රැළවල්

රකිත රෑ දිනේ

සුර දූතයෙක් සුනිමල්

ආයේ බෝ තෙදිනේ

බියපත් එඬේරු හට

කිවයි දූත මෙසේ

බිය නොවව් මම් සැමට

ගෙනෙම් හසුන් තොසේ

මෙදින දාවිත් නුවරේ

උපන්නයි තොපටා

සමිඳු ක්‍රිස්තුස් පවරේ

මිදුම්කරු තුමා

ඔතා සිහින් සළුවලින්

එහි ඔරුවක

තබා ඇත දෙව් කුමරුන්

එය ලකුණක

මෙ බස් කිව් පසු දුතුන්

දිස්විය විගසින්

දූත රැසක් යුතු තෙදින්

මෙසේ ගී නඟමින්

උස්තැන්හි දෙව් මහිමයත්

පොළොවෙහි සාමෙත්

මිනිසුන්ට කරුණාවත්

වේවා දැන් හා මතුත්

එඬේරු තම රැළවල් රකිත රෑ දිනේ - ජෙ. සයිමන් ද සිල්වා ඉංග්‍රීසි ගීතිකාව සිංහළට පරිවර්ථන කරන ලදි.

While shepherds watched their flocks by night,

All seated on the ground,

The angel of the Lord came down,

And glory shone around,

And glory shone around.

"Fear not!" said he, for mighty dread

Had seized their troubled mind.

“Glad tidings of great joy I bring

To you and all mankind

To you and all mankind.

“To you, in David’s town, this day

Is born of David’s line

A Savior, who is Christ the Lord,

And this shall be the sign,

And this shall be the sign.

"The heavenly Babe you there shall find

To human view displayed,

All meanly wrapped in swathing bands,

And in a manger laid,

And in a manger laid."

Thus spake the seraph and forthwith

Appeared a shining throng

Of angels praising God on high,

Who thus addressed their song,

Who thus addressed their song:

"All glory be to God on high,

And to the Earth be peace;

Good will henceforth from Heav’n to men

Begin and never cease,

Begin and never cease!"

Words: Nahum Tate, 1700; first appeared in Tate & Brady’s Psalter, 1702.

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →