← Back to all songs
WORSHIP

පොට්ටු පොට්ටු මල් පොහොට්ටු

Pottu Pottu Mal Pohottu

පොට්ටු පොට්ටු මල් පොහොට්ටු

පෙත්ත පෙත්ත විකසිත වී

මල් ලෝකෙට පිවිසෙනවා //

කැදැල්ලෙ උන් කුරුළු පැටව්

මව් පියෝ හැර දෙපත් සලා

අහසට ඉගිලී.. යනවෝ.. යනවෝ.. //

තනිව හැංගි තිබුන පොට්ටු - මල් ලෝකෙට පිවිසීලා

බඹරු ඇදෙයි හැම අතින්ම - සුවඳ බෙදනවිට ලෝකෙට

මලක දිවිය ඇරඹිලා - ඵලබර ලෝකෙට බෙදන්න

ජිවිතයේ පොට්ටු වයස - මල් ලෝකෙට පිවිසෙනවා

දෙවිඳු පෙමට මිනිස් පෙමට - ඒ ජිවිත කැපවෙනවා

දෙවි ප්‍රේමය ලොව බෙදන්න - දෙවිඳුන් ඔබ සුරකීවා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →