← Back to all songs
HYMN

එනවා එනවා කිතු සමිඳා මනමාලිය ගෙන යන පිණිසා

Enavaa Enavaa Kithu Saminndhaa Manamaaliya Gena Yana Pinisaa

එනවා එනවා කිතු සමිඳා

මනමාලිය ගෙන යන පිණිසා //

දවස ළඟය සමිඳුන්ගේ

කාලය නැත්තේ තව බෝසේ

පවිටු මෙලොව දෙස නොබලා

උඩ බලනුව එන සමිඳු වෙතා //

අහසේ ලකුණු ඇතිවන්නේ

භූමියේ කම්පා වැඩිවන්නේ

සාගත හා වසංගත පැමිණේ

යුධයට සැරසෙති සැම දෙසිනේ //

මෙලොව බරට යටවීලා

ජීවිත ඇත්තේ හිරවීලා

පිටත එනුව බර දමලා

චරිතය ගොඩනගමුව මෙකලා

වචන අදහස් වැඩ සෑමා

කීකරු වූයේ හිමිට මෙමා

ඔබගේ කරුණා බල මහිමා

යටතෙහි දුවනෙමු ජයම බලා //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →