← Back to all songs
HYMN #B269

ආයාචනා කරම් දෙවිඳේ ඔබේ ළඟින් ඉඳන්

Aayaachanaa Karam Dhevinndhea Obea Lanngin

ආයාචනා කරම්

දෙවිඳේ ඔබේ ළඟින් ඉඳන් //

දහසක් දුක් කරදර කම්කටොලින්

එතෙර වන්න බැරිව හඬන සිතකින් //

නැගෙනා වැළපුම් ගීයක් අරගෙන මං ආවා

දෙවිඳුනි මං ආවා

ආයාචනා කරම්...

ආශිර්වාදය ලබන්ට බැරිවී

ශාපයේ මාවත තුළ හිරවී //

නැගෙනා නෙත කඳුලැලි කරගන්නට හසරැලි

යොමුකල මැන දෙනුවන්

ආයාචනා කරම්...

නොකියම් දෙව් කෙනෙකුට මළවුන්ගේ

ඔබ දෙවිඳුන්ය ජීවත් වන්නන්ගේ //

ඔබෙ දෙසවන් නැහැ බිහිරි

ඔබෙ හස්තය නැහැ කොටවී

වචනය නැත බොරුවී

ආයාචනා කරම්...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →