WORSHIP
ඔබ නමදින්නට
Oba Namadinnata
ඔබ නමදින්නට ආවෙමි සමිඳේ
ඔබ හට ඇති ප්‍රේමේ නිසා
පැසසුම් ගී ඔබ වෙත පුදනෙමි මා
ඔබ මාගේ දෙවිඳු නිසා
හද පිරි සතුටින් ඔබ පසසමි මම්
ගැලවුම්කරු ඔබම නිසා
මුළු ආත්මයෙන් ශක්තියෙන් බුද්ධියෙන්
නමදිමි මා දෙව් සමිඳා
විශ්වයේ මැවුම්කරුවානනී
ඔබටයි මේ ස්තුති ගී
පසසා ගයම් ඔබේ නාමය
වඳිනෙම් ඔබ තුම බැතිනී //
අහසේ තරු දෙස බැලුවෙමි මා
කෙතරම් පුදුමද ඒවා
කඳු ශිකරයන් මා නෙත ගැටුනා
ඔබ බලමහිමය දුටුවා
ගී දෙන කුරුලන් සුවඳැති පොඩි මල්
මැවිල්ලේ අරුමය පෑවා
ඒ සැමට වඩා මහ පුදුම ලෙසින්
දෙවිඳේ ඔබ මා මැව්වා
විශ්වයේ මැවුම්කරුවානනී //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →