WORSHIP
මල් රේණු
Mal Renu Ron Pudanne
මල් රේණු රොන් පුදන්නේ වෙන කාටවත් නෑ කියන්නේ
රහසින්ය පිරිනමන්නේ දෙවිඳුන් පමණිය දන්නේ.//
දෙවි සමිදානන් මසුරු නොමැතිවය දෙන දෙය දන්දෙන්නේ
ඉපදුණු දා සිට ලැබූ හැම දේ ගැන සදා අපි ණය වන්නේ
දෙන්න ඉතින්වත් දෙන්නට හැකි දෙය එතුමන් පිනවමින් නේ
තුති වේවා ස්තෝත්ර වේවා පැසසේවා ආලේලුයා //
මල් රේණු රොන් පුදන්නේ...........
ගත සීතල වන පවන හමාගෙන මොනවද පවසන්නේ
වැහි පිනි වැටීලා මිහිකත පිබිදෙනු නොපෙනෙද මිනීසුන්නේ
සුදනන් දුදනන් වෙනසක් නොමකොට එතුමන් හැම දෙන්නේ
තුති වේවා ස්තෝත්ර වේවා පැසසේවා ආලේලුයා //
Iran Fernando
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →