← Back to all songs
WORSHIP

මගේ හදවතේ

Mage Hadawathe

මගේ හදවතේ හැඟුමක් පුරා

ලියවෙන්නේ ඔබගේ නමයි

මා ගන්නා වූ හුස්මක් පුරා

වැටහෙන්නේ ඔබේ ප්‍රේමයයි

මගේ නෙත්වලින් ගැලු කඳුලක් පුරා

සැනසූවේ ජේසුනි ඔබයි

මගේ ජීවිතේ ගෙවෙනා තුරා ළඟ

ඉන්නේ දෙවිඳුනි ඔබයි

ඔබ දෑතේ ගෙනයන්න මා

දිවි ගමන ගෙවෙනා තුරා

තුරුලේම සනසන්න මා

මගේ කඳුළු නිවෙනා තුරා //

මගෙ නම ඔබේ අතෙහි ලියා

එය දෙස බලා මගේ පුතු කියා

ඔබේ දිවි පුදා මට පෙම් කලා

පුදුමයි ඔබේ ප්‍රේමය සදා

ඔබ දෑතේ ගෙනයන්න මා //

දිවියේ පුරා මට ලන් වෙලා

සෙනෙහේ පුදා මට පෙම් කලා

මතුදාක මා ඔබගේම වෙලා

සගයේ හිඳින්නම් දෙවිඳුනි සදා

මගේ හදව⁣තේ හැඟුමක් පුරා... //

ඔබ දෑතේ ගෙනයන්න මා... //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →