← Back to all songs
HYMN #B358

ඒදන් හි දී පොරණ

Eadhanhidhee Porana

ශුද්ධාත්මයාණන් · Holy Spirit

ඒදන් හි දී පොරණ

ඒ සුමගුල් දිනේ

දුන් ආසිරි සුරන

හඬැසෙයි නිතිනේ

දැනුත් සුද්ද සරණේ

යෙදෙන අයට

සිටියි තියෙක් සුරනේ

තෙවරක් සෙත් දෙන්ට

දූ පුත් රුවන් ලබන්ටත්

විශ්වාසෙන් හා පෙමින්

එක්සත්කමින් වසන්ටත්

වෙන් කළ නොහැක්මෙන්

තෙදැත් පිත් සුර වඩින්

මොවුන් එක් කරන්ට

අපගේ මුල් මව්පියන්

එක්කළ මෙන් තුට

පෙමැත් පුත් සුර වඩින්

මේ අත් එක් කරන්ට

ඔබ දෙගති යෙහෙන්

එක්කළ ලෙසට

වඩින් ශුද්ධාත්මෙනි දැන්

ආශිර්වාද දෙන්ට

සසුන් මනාලි ලෙසින්

දුන් මෙන් සමිඳුට

දිවි මග සැදෑයුත්

යන කල මොවුන්

විදා සුද්ද පියාපත්

දුක් පීඩා වළක්වන්

ඔබ හට කැපවී

පූජාවක් ලෙසට

ඉන්ට යේසුස් හා එක්වී

යනතෙක් සගට

The voice that breathed o'er Eden,

That earliest wedding day,

The primal wedding blessing,

It hath not passed away.

Still in the pure espousal

Of Christian man and maid

The Triune God is with us,

The threefold grace is said.

For dower of blessed children,

For love and faith's sweet sake,

For high mysterious union

Which naught on earth may break.

Be present, loving Father,

To give away this bride

As thou gav'st Eve to Adam,

Out of his own pierced side;

Be present, Son of Mary,

To join their loving hands

As thou didst bind two natures

In thine eternal bands.

Be present, holiest Spirit,

To bless them as they kneel,

As thou for Christ, the Bridegroom,

The heavenly Spouse dost seal.

Oh, spread thy pure wing o'er them,

Let no ill power find place

When onward to thine altar

The hallowed path they trace.

To cast their crowns before thee

In humble sacrifice,

Till to the home of gladness

With Christ's own Bride they rise.

Words: John Keble, 1857

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →