← Back to all songs
WORSHIP

කඳුලේ උපන් දෙවිඳේ

Kandule Upan Devinde

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

කඳුලේ උපන් දෙවිඳේ

විපතේ උපන් රජිඳේ

සිතුනා නම් ඔබමයි කියා

කවදාකවත් නෑ ජේසුනී

කුරුසේ තබා මරන්නේ

කුරුසේ එල්ලා මරන්නේ

කිමදෝ ඔබ මෙපමණ කල්

මාගෙන් සැඟව ගියේ

සෙව්වා කඳුලැලි අතරින්

ජේසුව නැහැ දුටුවේ

ඔබ පිටුපසමයි මා සිටියේ පුතුනේ

ඔබ නොවැටෙන්නට අල්ලාගෙන සිටියේ

කඳුලෙහි විපතෙහි ඔබ ලඟමයි සිටියේ

ඔබ හට වැඩි බර මා උසුලන් සිටියේ

කුරුසෙන් උපන් දෙවිඳේ

මරණින් උපන් රජිඳේ

සිතුනා නම් ඔබමයි කියා

කවදාකවත් නෑ ජේසුනී

කුරුසේ තබා මරන්නේ

කුරුසේ එල්ලා මරන්නේ

තනිවී හඬනා මොහොතේ

කිසිවෙකු නැත සිටියේ

මොර දී හැඬුවා අඳුරේ

ජේසුව නැත දුටුවේ

ඔබ උරහිස මත මා දෑතය තිබුනේ

උණුහුම දැනුනද කඳුලේ මා සිටියේ

ඔබ අත අල්ලාගෙන මා එගොඩ කලේ

මා තුරුලේමයි ඔබ සැතපී සිටියේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →