← Back to all songs
WORSHIP

ජේසුනී ආවාදෝ

Jesuni Awado

ජේසුනී ආවාදෝ සතුට මා ලැබුවේ

ඔබ හමුවේ පුදුම දේ දුටුවේ

ආදරේ දැනුනේ ජීවිතේ ලැබුවේ x2

රුදුරු කතරක දිය සොයනා, මුවකු ලෙස තනිවී

සිටින මොහොතක ඔබ හමුවී, ආදරෙන් බැලුවේ

ආදරේ දැනුනේ ජීවිතේ ලැබුවේ x2

පුදමි මගෙ දිවි ඔබ හමුවේ, ජේසුනී සමිඳේ

බෙදමි සුපුවත හැම මොහොතේ, මා සතුට එය වේ

ආදරේ දැනුනේ ජීවිතේ ලැබුවේ x2

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →