← Back to all songs
HYMN

ඒ ලේ ගැලුවේ මා නිසයි

Ea Lea Galuvea Maa Nisai

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

ඒ ලේ ගැලුවේ - මා නිසයි

ඒ කය බිඳුනේ - මා නිසයි

දෙව් පුත් මැරුනේ - මා නිසයි

අද මා මිදුනේ - යේසුස් නිසයි

කුරුසියේ නැඟුනා

දෙව් පුත් මැරුනා

යාගය පිදුනා

පිලිගන්නේ නම් එමා

ලබනෙමි ජීවය අමා - //

ඒ ලේ ගැලුවේ...

ඒ තුන්වෙනිදා

පර්වත බිඳුනා

මරණින් නැඟුනා

අදහන්නේ නම් මෙමා

ලබනෙමි ජීවය සදා - //

ඒ ලේ ගැලුවේ...

සමහර පිටපත් වල "ලබනෙමි ජීවය" වෙනුවට "ලබනෙමි සුවය" ලෙසද සඳහන් වේ.

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →