← Back to all songs
WORSHIP

හෙමින් සැරෙ ගලනා

Hemin Sare Galana

හෙමින් සැරේ ගලනා

ඔබේ ඇසේ කඳුළින්

ඔබෙ සිරුරින් හැලෙනා

උණුසුම් ලේ දහරින්

මගෙ පාප සැම සෝදමිනේ

ගැලවීම දී කුරුස ගහේ

ජේසුනී සමි‍ඳේ

ලේ හෙලමින් කුරුසේ සමි‍ඳේ

දස දුක විඳ තනිවී

අප ගලවන ලෙස ඔබ දිවි දී

කුරුසේ රජ වූයේ

නෑ තවමත් සමි‍ඳේ කිසිදා

ඔබ අප තුළ රජ වී

අප හදවත තුළ ඔබ තනි වී

කඳුළේ සිර වූයේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →