← Back to all songs
WORSHIP

ගවහලේ

Gawahale

ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුණා නම්

ගවහලේ වසු පැටවකු මට වෙන්නට තිබුණා නම්

මා කොතරම් වාසනාවන්තද

මා කොතරම් සන්තෝසද

අප රටේ නත්තල් දා සාමය තිබුණා නම්

පට පිළි දවටා විලිවුන් ඇඟලා

යනවා අපි පල්ලි

රතිඤ්ඤා පුපුරා රුපියල් වනසා

මත් වි සතුටු වෙවී

ගිනිගෙන දැවෙනා වැලි කතරේ

නත්තල නැවතීලා

තල් අතු මැදුරේ හෙණ හඬේ

නත්තල නැවතීලා

පොඩ්ඩක් හිතන්න සුමිතුර අපේ රටේ උතුර

ගවහලේ තරු කිරණක් මට වෙන්නට තිබුණා නම්

ගවහලේ වසු පැටවකු මට වෙන්නට තිබුණා නම්

ආසියාවේ ඉපදුන ජේසු අපේ රටට එන්න

සැවොම බලාගෙන ඉන්නේ සමිඳුනි ඔබ එනතුරු ලොවට

කුසගිනි දැවෙනා පැල්පතේ නත්තල නැවතීලා

යුද ගිනි නැගෙනා නගරයේ නත්තල නවැතීලා

පොඩ්ඩක් හිතන්න සුමිතුර අපේ රටේ උතුර

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →