HYMN
දුකෙන් සිටිනවිට සැනසුම ලබනට
Dhuken Sitinavita Sanasuma Labanata
දුකෙන් සිටිනවිට සැනසුම ලබනට
කෙනෙකු සෙවිමි ලෝකේ
ඔබතුළ පමණයි සහනය ඇත්තේ
මාගේ පෙම්බර යේසුනි
දෙන් සවන් මා, හට අද දිනයේ -
මාගේ පෙම්බර යේසුනි - //
ඔබගෙ ජීවනේ, සැමදා මා තුළ
තබනු මැනව සමිඳේ
නිරන්තරේ ඔබේ තුරුලෙ සිටින්නට
වරම් දෙන්න සමිඳේ
ඔබගේ වචනෙන්, මා සනසාලා -
ශක්තිය දෙනු මැන යේසුනි - //
මේ දිවි ගමනේ, සැමදා මා හා
සිටිය මැනව සමිඳේ
ඔබ වෙත එන තෙක් නොසැලී සිටිනට
සවිය දෙන්න සමිඳේ
ඔබගේ සෙවනේ, රැඳෙනට සැමදා -
මා එහි එන්නෙමි යේසුනි - //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →