← Back to all songs
WORSHIP

අලුත් ඉරක් පායලා

Aluth Irak Payala

වෙනත් ගීතිකා · Other

අලුත් ඉරක් පායලා

අලුත් දිනක් උදාවෙලා

කුරුළු ගීත සිසිල් සුළං

රැළි අතරේ පාවෙලා

හරි ලස්සන මෙවන් දිනක්

සිත් සනසන මෙවන් දිනක්

ඔබයි අපට උදා කරන්නේ සමිඳුනේ...//

මෙදින මගේ වැඩ සියල්ල

සතුටු සිනා කඳුළු මෙන්න...//

ඔබ හට බාරයි සමි‍ඳෙ

ඔබ හට බාරයි

රටට සෙතක් උදාවෙන්න

ඒ වෙනුවෙන් වෙහෙස වන්න...//

උදව් දෙනු මැනේ සමි‍ඳෙ

උදව් දෙනු මැනේ

දවස ගෙවී වැඩ වරන්න

වෙහෙස මැදින් තුති පුදන්න...//

රකිනු මැනවි මා සමි‍ඳෙ

රකිනු මැනවි මා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →