← Back to all songs
WORSHIP

අබ්බා පියාණෙනී

Abba Piyanani

ශුද්ධාත්මයාණන් · Holy Spirit

අබ්බා පියාණෙනි ආදර දෙවිඳුන්

ගැලවුම්කරුතුමෙණී ශුද්ධවූ ආත්මයෙණී...//

වෙන්වි මා ඔබගෙන්... අඳුරේම සිටියදි...

ඔබතුම මා සෙව්වේ...//

ලයේහි හොවා මා... සිපගෙන සැමදා...

මට සෙවනක් වූයේ...//

අබ්බා පියාණෙනි ආදර දෙවිඳුන්

ගැලවුම්කරුතුමෙණී ශුද්ධවූ ආත්මයෙණී...

පහත්ව සිටිමා වැටි වැටි ඇවිදින

මා හට පෙම් කෙරුවේ...//

කඳුලැලි පිසදා... මා අත අල්ලා...

නිසි මඟ පෙන්වූවේ...//

ස්තූතී ඔබට ස්තූතී...//

අබ්බා පියාණෙනි ආදර දෙවිඳුන්

ගැලවුම්කරුතුමෙණී ශුද්ධවූ ආත්මයෙණී...

කසල ගොඩේ සිට මාව එසෙව්වා...

ප්‍රේමේ ද්ව් සමිඳේ...//

කල්වාරී රුදිරේ... මා නිසා වගුරා...

මා පව් සෝදව්වේ...//

ස්තූතී ඔබට ස්තූතී...//

අබ්බා පියාණෙනි ආදර දෙවිඳුන්

ගැලවුම්කරුතුමෙණී ශුද්ධවූ ආත්මයෙණී...

දිවා රැයේදී... ඔබ මා හා සිටිමින්...

සැම දින රැක ගත්තේ...//

කිසි දින කිසි විට... මා අත් නාරින...

ඔබ හට මහිමය වේ...//

ස්තූතී ඔබට ස්තූතී...//

අබ්බා පියාණෙනි ආදර දෙවිඳුන්

ගැලවුම්කරුතුමෙණී ශුද්ධවූ ආත්මයෙණී...//

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →