← Back to all songs
WORSHIP

වැටිලා රිදිලා

Watila Ridila

වැටිලා රිදිලා

දරන්න බැරි ලෙස

මා ඔබ පාවා දුන් වෙලේ

ඔබ මා දෙස බලලා

මගේ පුතේ මම

ඒත් ආදරෙයි කීවා

මගේ දුවේ මම

ඒත් ආදරෙයි කීවා

ක්ලේෂය මා කෙලසන විට,

කෙලෙස්මලින් පෙලෙනා විට

හැඟීම් වලින් වැටෙනා විට,

ඔබේ ආදරේ ඔබේ ආදරේ

ඔබේ ආදරේ එයි ලඟටම

මතකය මා රිදවන විට,

අරගල මා තලනා විට

කඳුළින් දිවි පෙඟෙනා විට,

ඔබේ ආදරේ ඔබේ ආදරේ

ඔබේ ආදරේ එයි ලඟටම

කුණාටු මා වට කල විට,

ලෙඩ දුක් මරණය කරදර

නපුරා මා වෙත එන විට,

ඔබේ ආදරේ ඔබේ ආදරේ

ඔබේ ආදරේ එයි ලඟටම

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →