← Back to all songs
HYMN

දූවිල්ලෙන් මා ඔසවලා, ඔබ මාගේ ශක්තියයි

Dhoovillen Maa Osavalaa Oba Maagea Shakthiyai

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

දූවිල්ලෙන් මා ඔසවලා

දමිටුකමින් මා දිවි සරසා

නම කියා, ඔබ මා කැඳෙව්වා

අඳුරෙන් මා දිවි මුදවලා

නපුරෙන් සැමදා මා ගලවා

දකුණතින්, ඔබ මා ඉසිලුවා

උස් වූ උසස් වූ දෙවිඳුනි

ඔබවන් වෙන කිසිවෙකු නැති

මගේ ජීවිතේ, ඔබගෙමයි සදා //

ඔබ මාගේ ශක්තියයි සැමදා

මුලු ජීවිතේ පුරා

ඔබ මාගේ ශක්තියයි සැමදා

මගේ ජීවිතේ පුරා //

ඕ... ඕ... ඕ... ඕ...

ස්වාමින් මා පර්වතයවේ

ගැලවීමේ බලකොටුව වේ

මරණයෙන්, මා දිවි ගැලවුයේ

මා වෙනුවෙන් දිවි කැප කලේ

මරණය පරදා නැගිටුනු

යේසුනි, ඔබ මා සමඟ වේ

උස් වූ උසස් වූ දෙවිඳුනි

ඔබවන් වෙන කිසිවෙකු නැති

මගේ ජීවිතේ, ඔබගෙමයි සදා //

ඔබ මාගේ ශක්තියයි සැමදා

මුලු ජීවිතේ පුරා

ඔබ මාගේ ශක්තියයි සැමදා

මගේ ජීවිතේ පුරා //

පද රචනය, තනු නිර්මාණය හා ගායනය:

දේව දරුවෙකු වන නිමේශ් ප්‍රනාන්දු සහ පිරිස

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →