← Back to all songs
WORSHIP

තනිවී අසරණ නෙතු හැඬුවා

Thaniwee Asarana Nethu Handuwa

තනිවී අසරණ නෙතු හැඬුවා, හිත ඉකිබින්දා,

හිරු සැඟවුණු, සඳ බොඳවුණු රාත්‍රියේ

සෙනෙහස මා සෙවූ නෑ ලෝකේ (X2)

මාවතේ පිය නැගුවා හසරැලි නංවා, කෑගසා හැඬුවා ඔබ දන්නෙනැ

පාලුවේ උන්නා, ආදරේ නිසා

සෙනෙහස මා සෙවූ නෑ ලෝකේ

ජීවිතේ දුක වින්දා තනිකම හංගා, වේදනා දැරුවා මා හොරෙන්

ආදරේ දැනුනා, ජෙසුනී ඔබෙන්

සෙනෙහස මා සෙවූ නෑ ලෝකේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →