← Back to all songs
WORSHIP

සුරලොවේ රාජිණියේ

Suralowe Rajiniye

මරිය මව්නි · Blessed Virgin Mary

සුර ලොව රාජිණියේ

සුරලොව රාජිණියේ මෙදිනේ

තුති දෙමු ඔබ හට පෙම් හදිනේ

ඔබ මහිමා ගයමුව නිතිනේ

ඔබ සරණා යදිමුව බැතිනේ

මංගලවේ

ජයමංගල වේ

ජය මංගල වේ ඔබ හට මෙදිනේ

අප පෙම්බර මවුනි, රන්බර රැජිණි

වේ තුති වේ ඔබ හට නිතිනී.

සඳමඩලෙන්

ඔබ පාද දිලේ

තරු කිරුලෙන් ඔබ හිස බැබලේ

හිරු රැස මෙන් ඔබ ගත දිලිසේ

ලොව සැම තැන ඔබ රුව පැසසේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →