HYMN #B228
දිව්‍ය සිතේ මිහිර ඇතේ
Dhivya Sithea Mihira Athea
දිව්‍ය සිතේ මිහිර ඇතේ
ජීවන ධාරා ගලා බසින්නා
සිත තුළ සාමය වේ
කිරි හා මීයෙන් උතුරන්නා
රටකි මේ සිත් හිමි දෙන්නා
ජීවන වෘක්ෂේ එහි වැඩෙමින්නේ
අතු අග පලබර වේ
යකුට හෘදේ ඉඩ නැත්තේ
ලොවෙහි ආශා එහි නැත්තේ
මාංශික තෘෂ්ණා නැතිවී සදහටා
හදවත පිරිසිදු වේ
තැළුන වූ ඒ බිඳි හෘදේ
අනගි පූජාවකි ලෝකේ
භාරගනීවී මිහිරි වූ පූජා
දෙවිතුම බොහො ප්‍රියවී
මහිමෙ ආත්මෙන් පිරි හෘදේ
බලය බෝවේ ඇදහිල්ලේ
පර්වත බධා යයි පහවීලා
යන යන තැන ජයවී
මිහිරි ශබ්දේ දෙවිඳුන්ගේ
නිසල හෘදේ රඟදෙන්නේ
ස්වර්ගික රාජ්ජේ සිත් තුළ ඇත්තේ
හිමිතුම එහි රජවී
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →