WORSHIP
සමිඳුන් සොයා යන ගමනේ
Samidun Soya Yana Gamane
සමිදුන් සොයා යන ගමනේ
ගැති වූ මා නම් නොසුදුසු වේ
සරණක් හෙළනු මැන නෙතින් ඔබේ
ඔබ ලැබුමෙන් නව මග ඇරඹේ
සමිදුන් සොයා යන ගමනේ....
පාප බරින් ගත කෙරු කාලය
නපුරු සිතින් පය තැබු මාවත
ජේසුනි ඔබ හමු වීමෙන්
ජය ලැබුවෙමි හද පිරි සාමෙන්
සමිදුන් සොයා යන ගමනේ
වෛරය නොව ප්‍රේමය ඔබෙ මග
දිවි පිදුවෙමි සැම ජන මිදුමට
සමිදු සුවය මුළු දිවියේ
රැකවරණය සිහිලස දෙමිනේ
සමිදුන් සොයා යන ගමනේ...
සමිදු ලබා අපි එක්සිත් වී
අප යන මග මල්පල ගැන්වී
සමිදු රජය ආදරයේ
පතුරමු කිතුහඩ මුලු දෙරණේ
සමිදුන් සොයා යන ගමනේ
ගැති වූ මා නම් නොසුදුසු වේ
සරණක් හෙළනු මැන නෙතින් ඔබේ
ඔබ ලැබුමෙන් නව මග ඇරඹේ
සමිදුන් සොයා යන ගමනේ....
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →