← Back to all songs
HYMN #B146

දිව්‍ය සැනසිලිකාරවූ ආත්මයෙනි

Dhivya Sanasilikaaravoo Aathmayeni

ශුද්ධාත්මයාණන් · Holy Spirit

දිව්‍ය සැනසිලිකාරවූ ආත්මයෙනි

අප වෙත වඩිනුව මේ වෙලේ

සැම සිත් පුරවන්

අද දෙව් බලෙනි

මේ උදයේ අපි සෑමදෙනා

රැස්වෙමු පාමුල දෙව් සමිඳා

ශුද්ධය ශුද්ධය ස්වාමිතුමා

වඳිනෙමු දෝත නඟා අපි

බෝ ජයලත් සබ දෙව් සමිටා

ගෞරව ගී පැසසුම් නොමදා

වීණා රබන් හොරණෑ නදිනා

පසසමු ශ්‍රී සුරිඳා අපි

තේජසේ ආත්මෙන පූර්ණ කරන්

දල්වනු දිව් ගිනි සිත්හි සැමා

පාප දවා නව ජීවනේ දෙන්

පුබුදමු ප්‍රේමය පා අපි

ආසිරි දෙන් සග ලෝ ඇරලා

ප්‍රේමෙන පූර්ණ කරන් මෙකලා

ස්වර්ගික ප්‍රීතිය හෘදේ නැඟේ

සැනසුම දේ හදටා මහ

යේසු රජුන් වඳිනෙම් බැතින්

ස්වර්ගේ දොරින් ඇතුල් වී එහිදී

දේව පුතුන් සමඟින් සැමදා

වසනෙමි රාජ්ජයෙහි මම

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →