← Back to all songs
HYMN

දිවැසිවරුන් කීලෙස සැම ඉටුවෙන රෑ

Dhivasivarun Keelesa Sama Ituvena Raa

දිවැසිවරුන් කීලෙස සැම ඉටුවෙන රෑ

රජුන්ගේ රජු බිහිවෙයි මේ මනරම් රෑ

සගයේ දෙවිඳුන් කැමති ලෙසින් මේ රෑ

දිළිඳු ලෙසින් දරු උපතක් වෙයි මේ රෑ

එනු මා මිතුරේ පවසන්නට මේ රෑ

අපසතු පැවරුම පතුරමු නිසල වූ රෑ

දෙවිඳුන් තුටුවෙයි පවසමු පුවත මේ රෑ

දේව දුතුන් ලෙස සේවය කරමු මේ රෑ

පාපිවූ ගති ඇති සැම මනුසත මේ මුළු විශ්වයේ

තිර නැති සැම දෙය ගැන සිතමින් කාලය ගෙවන්නේ

ලොව මුල් යුවලින් ගෙන ආ අදමිටුකම් මේ දිනේ

සුන් කරනා මොහොත උදාවන්නේ

සුන් කරනා මොහොත උදාවන්නේ

ගස්වැල් රඟ දෙයි ශබ්දෙ දෙමින් මේ රෑ

කඳු හෙල් ගංගා ගීත ගයයි මේ රෑ

අප හඬ අසමින් සොබා දහම මේ රෑ

හෝ හෝ ගාමින් පවසයි සතුට මේ රෑ

එනු මා මිතුරේ පවසන්නට මේ රෑ...

පාපිවූ ගති ඇති සැම මනුසත මේ මුළු විශ්වයේ...

ගස්වැල් රඟ දෙයි ශබ්දෙ දෙමින් මේ රෑ...

ගස්වැල් රඟ දෙයි ශබ්දෙ දෙමින් මේ රෑ - ////

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →