← Back to all songs
HYMN

දිව එන්නේ මා ඔබෙ තුරුලට පියාණනි

Dhiva Ennea Maa Obe Thurulata Piyaanani

දිව එන්නේ මා ඔබෙ තුරුලට පියාණනි

සැනසෙන්නේ මා, ඔබේ ආදරෙන් //

රිදුනත් ඔබෙ සිත මාගේ වරද නිසා

නැත මා අත්හැරියේ ඔබෙ ආදරේ නිසා

හාලේ, හාලේලූයියා, හාලේලූයියා, හාලේලූයියා... //

නිදි යහනේදී සිතුවිල්ල ඔබයි

පීඩාවේදී හදට සිසිල ඔබයි

තනි වූ මොහොතේ, මා මිතුරා ඔබයි

වෙන් කරන්න බෑ මගෙ ආදරේ ඔබයි

හාලේ, හාලේලූයියා, හාලේලූයියා, හාලේලූයියා... //

අත අල්ලා මා ගෙනයයි, ජීවිතේ පුරා

අඳුරේදී මා හට පහනක් වූ, සමිඳා

රඳවාගනිමි, මා මතකේ සදා

හැර නොයන්නෙමි මා පෙම්බර සමිඳා

හාලේ, හාලේලූයියා, හාලේලූයියා, හාලේලූයියා... ////

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →