← Back to all songs
WORSHIP

පෙමැති හදින්

Pemathi Hadin

මරිය මව්නි · Blessed Virgin Mary

පෙමැති හදින් මට පෙම් පාලා

ඔබ‍‍ෙ සෙනෙහස මට පෙන්වාලා

ඔබ‍ෙ පුතු වෙත මා ගෙන යන මව්නි

නමෝ නමෝ මව්නී //

නිරා දූතයන් පරදා සිටිනට

බැගෑ හදින් දෙව් සරණ පතන්නට //

දුබල වු මාගේ සවිය ඔබයි මව්නි

මා හද නිවසට වඩින්න දෙව් මව්නි

පෙමැති හදින්....

කොයි දේ කීවත් ඔබ පුතු කරනට

අවනත හදකින් එය ඉටු කරනට //

දුබල වු මාගේ සවිය ඔබයි මව්නි

මා හද නිවසට වඩින්න දෙව් මව්නි

පාපයේ අඳුරට ඇදී නොයන්නට

පිබිදී දහමෙන් සුදුවර වන්නට//

දුබල වු මාගේ සවිය ඔබයි මව්නි

මා හද නිවසට වඩින්න දෙව් මව්නි

පෙමැති හදින්.... //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →