HYMN #B226
ආත්මේ වැසි වසිනා මා හද පුබුදුවනා
Aathmea Vasi Vasinaa Maa Hadha Pubudhuvanaa
ආත්මේ වැසි වසිනා, මා හද පුබුදුවනා
නිතින් මහිමයට මඟ පෙන්වමිනා
සඟ සිරි බැස යන්නා
පාපයෙන් මිදිලා නිර්මල හදිනා
ගෙනයන් මංමුලා නොවී හිමි සමඟා
ප්‍රීතියේ රැලි ගසනා
ආත්මේ මගේ මහිමෙන් පිරේ
සමිඳුන් සමඟා යන සඳ තොසිනා
ඔබගේ ආත්මේ අඳුරේ මං පෙන්වනා
යේසුතුමා සමීපයෙමා
සිටින විටා හද පිරෙනා
කාලයක් සිටියා හිමිතුම නැතිවා
සමඟියේ ප්‍රීතියෙ උතුම්කම නොදැනා
හමුවුනදා සුර කුමරා
අඳුර මෙමා ගියා පහවා
මහිමලත් නදියක් සේ හිමි සාමේ
ගලායන සැමතැන් ප්‍රීති පැනනගිනා
හද මෙමගේ දිනෙන් දිනා
පවිටු කමෙන් රැක ගන්නා
හිමිතුම් කරුණා මහිමේ තුළ වේ
සැඟවෙන් සුරකින අතෙ නිවාඩුගෙනා
නැති නොවී මා සදහට මා
වසන්නෙමි ප්‍රීතියෙනා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →