← Back to all songs
WORSHIP

ඔබේ ආදරේ එහෙමයි

Obe Adare Ehemay

ඉර හඳ මැව්වේ ඔබයි

මහ අධිපතියා ඔබයි

මා නිසා මැරුණේ ඔබයි

ඔබේ ආදරේ එහෙමයි

අහසට වඩා උසයි

පතුලට වඩා යටයි

සුළඟට වඩා මුදුයි

ඔබේ ආදරේ එහෙමයි

ඒ ආදරයේ මා සැතපෙන්නේ

ජේසු මාගේ එකම අයිතිය වේ

අම්මා වගේ ලඟයි

තාත්තා වගේ රකියි

මිතුරෙකු වගේ තිරයි

ඔබේ ආදරේ එහෙමයි

පාපය නිති පරදයි

වැරදුන තැන වෙරදෙයි

වැටුනට බැණ නොවදියි

ඔබේ ආදරේ එහෙමයි

ඒ ආදරයේ මා සැතපෙන්නේ

ජේසු මාගේ එකම අයිතිය වේ

හොඳ දේ අගය කරයි

අඩුවද විසි නොකරයි

ඉන්න විදිහ අගයයි

ඔබේ ආදරේ එහෙමයි

ලඟ සුන්දර තුරුලයි

හැර යන විට උහුලයි

යලි එන විට පිළිගයි

ඔබේ ආදරේ එහෙමයි

ඒ ආදරයේ මා සැතපෙන්නේ

ජේසු මාගේ එකම අයිතිය වේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →