← Back to all songs
HYMN

දිමුතු අමුතු තරුවක් පෙර නුදුටු කිසි දිනේ - විරිදු ස්ටයිල් 2

Dhimuthu Amuthu Tharuvak Pera Nudhutu Kisi Dhinea

නත්තල් · Christmas

හා... හා.... හා... හා... හා... හා... හා... හා... හා... හා... //

හා... හා.... හා... හා... හා... //

හා... හා.... හා... හා... හා... හා... හා... //

යේසු උපන්නේ ලොවට සාමේ ගෙනෙන්නේ //

යේසු ලොවට උපන්නේ, සාමේ ලොවට ගෙනෙන්නේ //

හා... හා.... හා... හා... හා... හා... හා... හා... හා... හා... //

හා... හා.... හා... හා... හා... //

හා... හා.... හා... හා... හා... හා... හා... //

දිමුතු අමුතු තරුවක් පෙර නුදුටු කිසි දිනේ - //

විහිදයි කැළුමන් දස අත පායා අහසේ - //

මේ නම් පුදුමයෙක් මහා අසිරි දසුනකි - //

යමු යමු ඒ දෙසට වහා විමසන ලෙසිනි - //

වහා විමසන ලෙසිනි... - //

යුදා දේශේ බෙත්ලෙහෙමේ

උපන්නේ මහා රජ කෙනෙක්

ඉදිරි ඔබගේ අප රඟන්නේ

පුදුම පැරණි සිද්ධියක් - //

එදා දිවැසිවරු කී ලෙසින්

සව් ලෝ බල ඇති දෙවිඳුගේ

ඒක ජාතක පුත්‍ර වූ

යේසු ඉපදුනු වගයි - //

රජ කුමරෙක් ඉපදී ඇත යුදා දේශයේ - //

බැහැ දකින්ට යමු එතුමන් හනිකට විලසේ - //

කට්ටකුමංජල් සුවඳ ලාටු රත්තරන්

හා හා.. - ///

කට්ටකුමංජල් සුවඳ ලාටු රත්තරන්

වඳිමු බිලිඳු යේසු තුමා දොහොත් මුදුන් දී

හා හා දොහොත් මුදුන් දී - //

එකල බෙත්ලෙහෙම් පුරවරේ

නිසල වූ සීතල රාත්‍රියේ

බැටළු බලා සිටි එඬේරුන්ට

මේ පුවත සැල වුනා - //

දිමුතු ඒ රන් තරුව මෙතෙක් ඇඳුණු ඉදිරියේ - //

බලව රැඳුනු සැටි අහසේ බෙත්ලෙහෙම් පුරේ - //

යේසුතුමා සිටින තැනට ඒ රැස් වැටුණා

හා හා.. - ///

යේසුතුමා සිටින තැනට ඒ රැස් වැටුණා

ඒ රැස් අතරින් එතුමගේ උපත එළි වුණා

හා හා උපත එළි වුණා - ////

සව් ලෝ මැව් දෙවි, පිය නම සිහි කර

අප ණය වෙනුවෙන්, දුන් පුත් සිහි කර

තෙද බල මහිමෙන්, වැඩි හිමි සිහි කර

තියෙක දෙවිඳු නම, නමස්කාර කර - //

සාමයේ කුමරා, ලෝකෙට වැඩියේ

සාමයේ පණිවිඩ, දූතුන් ගැයුවේ

සාමය ඒ මුත්, නැත ලොව හරියේ

සාමයේ සාධක, අප විය යුත්තේ - //

තාරුකා තාරුකා තාරුකාව පායලා - //

තාරුකාවේ වලිගය ගවලෙන වෙත යන පාර කියන්නේ... - //

හරි ලස්සන ඒ දේව දූතයා - //

තණ පිට්ටනියේ බැටළුන් රකිමින් - //

සිටි ගොපළුන් වෙතට පැමිණ - මොනවද කීවේ?

ලොව ගලවන්නට රජෙක් ඉපදිලා - //

තාරුකා තාරුකා තාරුකාව පායලා - //

තාරුකාවේ වලිගය ගවලෙන වෙත යන පාර කියන්නේ... - //

තුන් දෙසතින් ආ සෘසිවරු තිදෙනා - //

යුදෙව් රජුන්ගේ මැදුරට වැඩියා - //

හෙරොද් රජුව මුණ ගැසිලා - මොනවද කීවේ?

ලොව ගලවන්නට රජෙක් ඉපදිලා - //

තාරුකා තාරුකා තාරුකාව පායලා - //

තාරුකාවේ වලිගය ගවලෙන වෙත යන පාර කියන්නේ... - //

සෘසිවරු තිදෙනා එකට එක්වෙලා - //

බෙත්ලෙහෙම් පුරේ ගවලෙන සොයලා - //

බිළිඳු යේසු පා නැමදා - මොනවද කීවේ?

ලොව ගලවන්නට රජෙක් ඉපදිලා - ////

යේසු ලොවට උපන්නේ, සාමේ ලොවට ගෙනෙන්නේ //

යේසු උපන්නේ ලොවට සාමේ ගෙනෙන්නේ //

හා... හා.... හා... හා... හා... හා... හා... හා... හා... හා... //

හා... හා.... හා... හා... හා... //

හා... හා.... හා... හා... හා... හා... හා... //

ලොව ගලවන්නට රජෙක් ඉපදිලා - //

බැති කුසුම් සිත් තුළ පිපෙන්නයි

සාමයේ, ගී හඬ ඇසෙන්නයි

ප්‍රේමයෙන්, ලොව පිරෙන්නයි

මෙදා නත්තල, වාසනා //

මෙදා නත්තල, වාසනා - ////

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →