WORSHIP
මහා පුදුම තනිකමක්
Maha Puduma Thanikamak
මහ පුදුම තනිකමක් මගේ හිතට දැනුනා,
එය කියා ගන්න කිසි කෙනෙක් නැතිව හැඬුවා
ඔබ ගියේ ඇයිද මා දමා, ඔබ ගියේ ඇයිද මා දමා
වෙන් වෙලා ඉන්න මට බැහැයි කියා සිතුනා.
හරි ආදරයෙන් මට කතා කලා ඇසුනා.
උණුසුමට ඔබේ මම තුරුලු වෙලා හිටියා.
මගේ සතුට පිරුණු ලොව ඔබම කියා දැනුනා.
ඒ සුවඳ සොයා නිදි යහන තෙමා හැඬුවා.
විද ගන්න බැරිව තනිකම ද කියා ඇසුවා.
ඉවසන්න බැරිව මුළු ලොවම එපා කෙරුවා.
රිදවන්න ඔබව හඩවන්න සිතා සිටියා.
මගේ හිතට හොරෙන් ආදරේ පිරී තිබුණා.
මහ පුදුම තනිකමක් මගේ හිතට දැනුනා.
එය කියා ගන්න කිසි කෙනෙක් නැතිව හැඬුවා.
ඔබ ගියේ ඇයි ද මා දමා,
ඔබ ගියේ ඇයි ද මා දමා, වෙන් වෙලා ඉන්න මට බැහැයි කියා සිතුනා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →