WORSHIP
මගෙ නෙතට ඔබේ නෙත
Mage Nethata Obe Netha
මගෙ නෙතට ඔබේ නෙත ගැටුණු වෙලේ, මා වටා පවුරු බිඳ වැටුණා
ඒ කරුණා බර නෙත් කාන්තියේන්, බැඳී අදම් එකින් එක ලිහුනා
නිදහසේ රසය මට කියාදුන්නු, ආදරය පහස පෙන්වලා උන්නු
ඔබ නිසා ජීවිතය ලැබුණා, ජීවිතේ යසයි යලි දැනුණා.
සිත හඩා තැවී සිටි අතීතයේ මතකයන් නිසොල්මන් වෙලා තියෙය්
ඔබ ආදරෙන් වැසී.
ඒ සනාදරේ නෙත් කැලුම් වැකී, හද දවා රිදුම් දෙනු දැනුනා
ඔබ දයා නෙතින් මා දිහා බලා මට කමා කරන බව දැනුනා
නැත ඉතින් යලිත් ඉකි බිඳුම් අනේ, වේදනා සුසුම් පැරදිලා වගේ
ඔබ නිසා ජීවිතය ලැබුණා, ජීවිතේ යසයි යලි දැනුණා.
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →