මගෙ දිවි පණනල රකින්නෙ
Mage Divi Pana Nala Rakinne
මගෙ දිවි පනනල රකින්නෙ
ඔබ පමනකි ජේසුනේ, දිවිය පුරා ඔබ
ආලෝකේ සැම නපුරේ සරනේ
දිවිය පුරා ඔබ ආලෝකේ සැම නපුරේ සරනේ
මිලින වෙලා දිවි පැතුමන් බොඳ වී යන මොහොතේ
නිහඬ වෙලා කිම ඔබ ගොලු වී
වඩිනු මැනේ බලාපොරොත්තුව හද වෙත කැන්දා
පහස දැනේ සතුටද ඉතිරේ
ඔබ හැර මා අන් කවරෙකු වෙත යන්නද සමිදේ
ඔබමය මා මතු පිලිසරනේ, නැත කිසිදා
කුරුසේ බර හැර දා පසු බැස්සේ
දිවිය ඔබේ දිරියයි නිබඳේ…
සරා සඳේ සොමිකැල්මන් ගලනා හෝරාවේ
පිලිසඳරේ සතුටින් නැවතී
දිවිය පුරා මට ආනන්දය වූ සැටි සිහි ගන්වා
රැන්දෙමි ඔබේ නෙතු කැල් අතරේ
ඔබ ඇසුරේ කිම සමිඳුනි මෙත්‍රම් සුව සහනේ
නැත ලැබුවේ වෙන කිසිවෙකු ඇසුරේ
මට තනි නෑ ඔබ හා මා යන මේ දිවි කතරේ
විඩා නිවා ඔබෙ උණුසුම් තුරුලේ
අවරගිරේ රළපෙළවිත් වෙරළේ හැපෙනා සේ
ඔබට ඇදී දිවි රස ගන්වා
අරුණෝදේ අකුලක පිපෙනා මල් පොකුරක් වී
පවනෙ සැලී යලි ගත දැවටෙන්නේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →