WORSHIP
කුරුසියේදී දිවි පිදුවා
Kurusiyedi Divi Piduwa
කුරුසියේදී දිවි පිදුවා මා ගලවන්නට
ලේ දහරා ගලා ගියා මා මුදවන්නට
මා ආදරෙයි යේසු
දෑත් සිදුරු වුයේ මා නිසයි
දෙපා සිදුරු වුයේ මා නිසයි
මා ගලවා ගත්තා මගේ යේසු
මා ගලවා ගත්තා
මා මුදවා ගත්තා මගේ යේසු
මා මුදවා ගත්තා
මා ආදරෙයි යේසු
සිරස සිදුරු වුයේ මා නිසයි
ඇලය සිදුරු වුයේ මා නිසයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →