← Back to all songs
WORSHIP

කුරුසියෙ පාමුල

Kurusiye Pamula

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

කුරුසිය පාමුල හඬාවැටිමි මම

පවුකරුවෙකි මා පිළිගනු මැන සමි‍ඳේ

ඔබට විරුද්ධව ඔබේ පෙමට පිටුපා කළ වරදට

යදිමි දෙපා වැඳ මුදනා ලෙස සමි‍ඳේ

සමි‍ඳේ... අහිමි නොකළ මැන ඔබගේ දරුකම

මා මුදවා සමි‍ඳේ

තනිකම දැනෙනා හඬනා මා හද

සොයනා ප්‍රේමය ඔබයි සමිඳ අද

ඔබ ආදරයෙන් මා සනසා දෙවි‍ඳේ

දෙනු මැන සතුට හදේ

සමි‍ඳේ... කදුළැලි පිසදා සිනහව දෙනු මැන

තනි වූ හදට මගේ

නව ‍දිවියක මිහිරෙන් පුරවා අද

අතීතයේ පව් පෙමින් මකා හැර

බවඳුර පරදා ආදරයෙන් දිනුවේ

ජේසු රජුනි ඔබ වේ

ජේසූ... පාපය රජයන ලෝකය ගලවන

නාමය ඔබ ජේසූ

කුරුසිය පාමුල හඬාවැටිමි මම

පවුකරුවෙකි මා පිළිගනු මැන සමි‍ඳේ

ඔබට විරුද්ධව ඔබේ පෙමට පිටුපා කළ වරදට

යදිමි දෙපා වැඳ මුදනා ලෙස සමි‍ඳේ

සමි‍ඳේ... හැඳිනෙමි ප්‍රේමය දුටුවෙමි පාපය

සැනසෙමි ඔබ තුරුලේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →