කවුරු වුවත් ඔබ
Kawru Uwath Oba
කවුරැ වුවත් ඔබ
කොතැන වුවත් ඔබ
මගේ සහෝදරයා...
මගේ සහෝදරයා...
පටපිළි ඇන්දත් වැරහැළි ඇන්දත්
ඔබ මගේ සොහොයුරෙකි..
සිතුමට පැතුමට පටහැනි වුවත්
ඔබ මගේ සොහොයුරෙකි..
ජාතිය පෙළපත මොනවා වුවත්
ඔබ මගේ සොහොයුරෙකි..
මිනිස් ලොවේ වෙසෙනා ඔබ සැමදෙන
මගේම සොහොයුරෙකි
කවුරැ වුවත් ඔබ
කොතැන වුවත් ඔබ
මගේ සහෝදරයා...
මගේ සහෝදරයා...
ඔබේ දෙනෙත් අග නැගෙන කදුළු දැක
මටද කදුළු එනවා
ඔබේ සිතේ බර මටද හැගෙන විට
මසිතද බර වෙනවා
ඔබේ හදේ ඇති දුක වැටහීමෙන්
මගෙ හද කකියවනවා
ඔබේ දයාබර අත අල්ලා මා
ඔබ හා එක් වෙනවා
කවුරැ වුවත් ඔබ
කොතැන වුවත් ඔබ
මගේ සහෝදරයා...
මගේ සහෝදරයා
ඔබේ හැඩය ගැන ඔබේ පැහැය ගැන
නැත මා විමසන්නේ
ඔබේ අඩුව ගැන ඔබේ වැඩිය ගැන
නැත මා විමසන්නේ
සොහොයුරැ කැල්මෙන් ඔබ නෙතු බැල්මෙන්
මා ඔබ සලකන්නේ
කවුරැ වුවත් ඔබ - කොහේ වුවත් ඔබ
මට සොහොයුරැ වන්නේ
කවුරැ වුවත් ඔබ
කොතැන වුවත් ඔබ
මගේ සහෝදරයා...
මගේ සහෝදරයා...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →