← Back to all songs
HYMN

දෙවිඳුනි ඔබ මගේ සවියයි

Dhevinndhuni Oba Magea Saviyai

නමස්කාරය · Worship

දෙවිඳුනි ඔබ මගේ සවියයි

මට උපකාර කරයි

නිරතුරු ඔබ මා ලඟමයි

ඔබ මගේ සවියයි //

ආදරයි ඔබ අඳුරින් මුදවන

මව්කුසයේ මා ඉසිළුව

මා පසුකළ හැම මොහොතක්

මා පසුකළ හැම දිනයක්

මා රුව දුටුවෙ ඔබයි

නිමැවුම්කරු ඔබමයි

දෙවිඳුනි ඔබ මගේ සවියයි...

පර්වතයයි ඔබ මගෙ පා රඳවන

සරණයි මාගේ සැමදින

ඔබ මුදුකම මා සවියයි

දිවිමඟ නිරතුරු එළියයි

දිවි සුරකින බලයයි

සවිමත් කළ පවුරයි

දෙවිඳුනි ඔබ මගේ සවියයි... x 2

~ Artist: ගෞ. ගුළවිටගේ නිශාන්ත ~

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →