← Back to all songs
WORSHIP

කැළඹුනු මාගේ සිත

Kalabunu Mage Sitha

නමස්කාරය · Worship

කැලඹුනු මාගේ සිත

රක්ෂස්ථානය නැතිදෝ

ලොව පාලක යේසුස් නිසා

හද නොසැලී ඉන්න

හා හා ප්‍රීතියයි මට ප්‍රීතියයි

දෙවිඳුන්ගේ අභිමුඛයේ

පසුගිය දේ ගැන, ඔබ කඳුළු සලන්නේද?

සිදුවුනු දේ යහපතටයි, ස්තුති ස්තුති දෙන්න

රළු වූ මුහුද මැද, ඔබ ගිලිහී යන්නේද?

අතදිගු කර යේසුස් දෙස බලමින් සුරැකෙන්න

මිතුරා ඔබ අතහැරියාදෝ, විශ්වාසය කඩකෙරුවාදෝ

අත්නාරින අප දෙවිඳුන්ගේ අත අල්ලාගෙන යන්න

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →