← Back to all songs
HYMN

දෙවිඳුනි මගේ දෙවිඳුනි (අද අලුත් දිනක්

Dhevinndhuni Magea Dhevinndhuni

අද අලුත් දිනක්, නව දවසක්

සමිඳුනි ඔබ සමඟින් අරඹන්නේ

මේ අති උදයේ මා දෑත් නඟා

දෙවිඳුනි ඔබවයි නමඳින්නේ

ඔබෙ කරුනාව, මා කෙරෙහි

නව කරනා බැවින් ස්තුති දෙන්නේ

දෙවිඳුනි, ඔබ පමණයි

පැසසුම් ලබන්නට වටිනේ

උදයෙන් උදය ඔබේ කරුණාගුනය

මා කෙරෙහි නව කරනු මැනේ

ඔබේ නාමෙටයි මේ මා ස්තුති ගී ගයනෙම්

දෙවිඳුනි මගේ දෙවිඳුනි

සවිමත් වීලා, මා බලවත් වීලා

ඔබ පාමුලේ රැඳෙනේ

ඔබ මාගේ ගැලවීමේ පර්වතයයි

දෙවිඳුනි මගේ දෙවිඳුනි

මා සෑම දිනක්, ගෙවෙනා මොහොතක්

ඔබ උදෙසා දිවි ගෙවනට අශා වෙම්

මුළු ආත්මයෙන්, මුළු බුද්ධියෙන්

ඔබ නමදින්නට මා ආශාවෙම්

ඔබෙ කරුනාව, මා කෙරෙහි

නව කරනා බැවින් ස්තුති දෙන්නෙම්

ඔබ පමණක් මා දෙවි බැව්

මුළු ශක්තියෙන් මා පවසන්නෙම්

තනිවුනු මොහොතේ අසරන වූ මොහොතේ

ඔබ මා හා බව දනිමි

මා සැඟවෙන්නාවූ ඉඩම ඔබයි

දෙවිඳුනි මගේ දෙවිඳුනි

කඳුලැල් මැදදී දුක් සුසුමන් මැදදී

මා දිව එන්නේ ඔබ වෙතයි

කලුරුව මෙන් මා රැකගන් ඔබගේ නෙතේ

දෙවිඳුනි මගේ දෙවිඳුනි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →