← Back to all songs
HYMN

දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා

Dhevinndhungea Balavath Kriyaa

දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා

සැමදාම මා දකිනවා

දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා

සැමදාම මට පේනවා //

ඉහළ අහසේ පොළෝතලයේ

පුදුම දේ දෙවිඳුන් කරයි //

ආකාසේ මාවත් සැදූ

රළු දියඹෙ මාවත් සැදූ

මරුකතරේ මා ළඟ විසූ

දෙවිතුමනි ඔබමයි රජු

ඉහළ අහසේ පොළෝතලයේ

පුදුම දේ දෙවිඳුන් කරයි //

රෝගයේදි මා සුවකෙරූ

විපතේදී මා ළඟ විසූ

දෑතින්ම මා වට කෙරූ

පියතුමනි ඔබමයි රජු

දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා...

ඉහළ අහසේ පොළෝතලයේ...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →