← Back to all songs
WORSHIP

ඇය් කඳුල මට දෙන්නෙ

Ai Kandula Mata Denne

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

ඇයි කඳුල මට දෙන්නෙ සමිඳුනි

ඇයි කඳුල මට දෙන්නෙ//

අනුන්ගේ දුක හොඳ හැටී පෙනෙනා

කාචයක් විලසින් නේ...

මා දෙනෙත සරසන්නදෝ

ඇයි කඳුල........//

ඇයි කඳුල මට දෙන්නෙ සමිඳුනි

ඇයි කඳුල මට දෙන්නෙ//

මගෙ නෙතේ කුණුවී රැදී පැසෙනා

ඉරිසියා මාලේ...

ඉවතටම සෝදන්නදෝ

ඇයි කඳුල.....//

ඇයි කඳුල මට දෙන්නෙ සමිඳුනි

ඇයි කඳුල මට දෙන්නෙ//

දයා අනුකම්පා සෙනේ නැති වූ

වියලි වූ මසිතේ...

තෙතමනය නැග එන්නදෝ

ඇයි කඳුල මට දෙන්නෙ සමිඳුනි

ඇයි කඳුල මට දෙන්නෙ/

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →