← Back to all songs
WORSHIP

ආදරෙයි මගෙ ජෙසු

Adarei Mage Jesu

ආදරෙයී මගේ ජෙසූ

ජිවිතෙ මගෙ ඔබ ජෙසු//

මා දිවියේ අරුත ඔබයි

ජිවිතයේ සතුට ඔබයි

හදවත සනසන සුවය ඔබයී

මගේ හදවත සනසන සුවය ඔබයි.

ගී ගයමින් පසසමු සැමදා.

මුලු දිවියම ඔබ බව පවසා//

ජීවිතයම කදුලින් පිරිලා

හඩමින් තනි උනු මා හද සනසා.

ආදරයේ මහිමය පවසා

රැකගත් සමිදුන් පසසමු සැමදා//

මා සතුටින් දිවි ගෙවමි සදා

ආදරයට ඔබේ තුරුලු වෙලා//

පාපය අදුරින් දුබල වෙලා

සැනසුම් සුසුමක් අහිමිව හැඩූ මා

ඔබෙ සුදු දැතින් ඔසවාලා

රැක ගත් සමිදුන් පසසමු සැමදා//

ආදරෙයී මගේ ජේසු//

මගේ ජෙසු ඔබ මගෙ ජේසු//

ආදරෙයි මගෙ ජෙසු මං ජෙසූ///

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →