WORSHIP
යේසුස් ස්වාමීන් මාගේ එඬේරාවේ
Yesus Swamin Mage Enderawe
යේසුස් ස්වාමීන් මාගේ එඬේරාවේ
මා හට කිසි හිඟයක් නැතේ
(x2)
නිල් තණ බිම්වල මා ලගින්නට
එතුමාණන් සලසා ඇතේ
නිශ්චලවූ දිය අසලින් සැමදා
එතුමන් මා ගෙන යන්නේ
මාගේ හදවත ජීවන වදනින්
එතුමන් ප්‍රාණවත් කළේ
දමිටුවූ මාවත්වල එතුමාගේ නාමෙන්
මා කැඳවා ගෙන යන්නේ
මිටියාවත මැදින් මා යන විටදී
මරණෙට නැත මා භිය වන්නේ
දෙවිඳුනි ඔබ මා සමඟම සිටිමින්
අත් නාරින බැව් මා දනිම්
ඔබගේ වචනයෙන් ශුද්ධ ආත්මයෙන්
සැනසිල්ල මා ලැබුවෙමි
සතුරන් ඉදිරියේ භෝජන සංග්‍රහයක්
හිමි මට පිළියෙළ කළේ
මාගේ හිස එතුම් අනගි වූ තෛලයන්
ආලේප කර ඇතේ
උතුරා යන තෙක් මාගේ දිවි
එතුම් ආශීර්වාද කළේ
සැබවින් යහපත හා කරුණාව
මාගේ දිවියේ පවතින්නේ
සමිඳුගේ ගෘහයේ සදාකල්හිම
මා ජීවත් වන්නේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →