WORSHIP
යේසුස් හිමිගේ අනගී ලේ
Yesus Himige Anagi Le
යේසුස් හිමිගේ අනගී ලේ
කල්වාරියේ පිදුවේ
පව්කරුවන් හා මා උදෙසා
පිදුවේ ඔබෙ අනගි ලේ
අනගි ලෙයින් හිමි අප මිදුවේ
එතුම් අධික මිලය ගෙව්වේ
පරිපූර්ණ කමාව දැන් පිරිනැමුවේ
සමාදානය දුන්නේ
අපගේ පව් තද රතුවට තිබුනද
අධිකව රත් පැහැයෙන්
යේසුස් හිමිගේ අනගී ලේ
ඒවා හිම මෙන් සේදුවේ
අනගියි යේසුස් හිමිගේ ලේ
සදා නොමිලේ පිදුවේ
එය අදහා පිළිගනු මැනේ
නොමිලේ ඔබට දුන්නේ
සමගි කිරීමේ ලේ අනගියි
අප දෙවිඳු වෙත ළං කළේ
අනගී වූ ලේ මහිමයේ ගීයයි
ප්‍රීතියෙන් පසසමී
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →