← Back to all songs
WORSHIP

යේසුස් හිමි පාවා දුන් ඒ රාත්‍රියේ

Yesus Himi Paawa Dun

යේසුස් හිමි පාවා දුන් ඒ රාත්‍රියේ

ස්තුති දෙමින් රොටිය කඩාහිමි යාච්ඤා කළේ

මෙය ඔබ වෙනුවෙන් දුන් මගේශරීරයයි හිමි පැවසුවේ

මෙයින් මගේ මරණය පෙන්වන් මානැවත එන තුරා

1:

මෙම රොටිය ගන් එය මගේ ශරීරයයි

ඔබේ දිවි මුදවන්නයි එය කැඩුනේ

ඔබ අනුභව කරන සැම වෙලේ

එය සැමරීමක් වන්නේ

මා වෙනුවෙන් මා සිහි කරමින්

රොටිය හා කුසලානය ගන්න පෙරටුවෙන්

එක් එක් අය තම හදවත් සලකා බලමින්

කෙනෙකු නුසුදුසු වූ අයුරින්එය පානය කළහොත්

ඔහු තමාම දොස් පවරා ගෙන අසු වෙයි

2:

මෙම කුසලානය ගන්එය මාගේ අනගි ලෙයයි

ඔබෙ දිවි මුදවන්නයි එය වැගිරුවේ

ඔබ පානය කරන සැම වෙලේ

එය සැමරීමක් වන්නේ

මා වෙනුවෙන් මා සිහි කරමින්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →