← Back to all songs
WORSHIP

යේසුස් ගැළවුම්කරුතුමා

Yesus Gelavumkaruthuma

යේසුස් ගැළවුම්කරුතුමාපුදුමයි ඒ නාමේ

යේසුස් මාගේ පව් ඔසවානින්දාවන් දැරුවේ

දෙවිඳුන් එතුමව උසස් කළේ

අපගේ දොරටුව සමිඳාවේ

ඕ යේසුස් පසසන්නෙමි ඔබෙ නාමේඕ යේසුස් පසසන්නෙමි ඔබෙ නාමේ

යේසුස් ශුද්ධයි පිවිතුරුයියේසුස් දෙව් පුතුන්

ගිණි පවුරයි අප යේසුස්

පව්කරුවන්ගේ මිතුරයි

වියළි බිමේ මිරිදිය වන්නේ

ප්‍රේමේ අරුණාලෝකය වේ

ඕ යේසුස් පසසන්නෙමි ඔබෙ නාමේඕ යේසුස් පසසන්නෙමි ඔබෙ නාමේ

යේසුස් මාගේ මහීමයයි

හිස ඔසවන්නා ඔබයි

මගේ උතුම්වු වෛද්‍ය යේසුස්

ගිලියද්හී තෛලයයි

මා ජීවය අයිති ඔබටයි

හිමි ඔබ මා ගීතයයි සවියයි

ඕ යේසුස් පසසන්නෙමි ඔබෙ නාමේඕ යේසුස් පසසන්නෙමි ඔබෙ නාමේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →