HYMN
දෙවිඳුන් පමණයි, මගෙ සහනේ
Dhevinndhun Pamanai Mage Sahanea
මහදේ පිරීලා, ඇති දුක් නිවාලා
සැනසීම දී, මග පෙන්වුයේ, සමිඳුන් සදා
ලෝ අන්ධකාරේ, සිටිනා වෙලේ...
සැම උවදුරින්, මා මුදවමින්, සිටියා පෙමින්
දෙවිඳුන් පමණයි..., මගෙ සහනේ
එතුමන් මා පලිහ වේ
පාපෙන් මුදා, රෝගෙන් සදා, ගලවයි මෙමා
දුකෙහී මාගේ..., එතුමන්මයි
කඳුලැල් මා පිසලූවේ
දෙවි සමිඳුන්ගේ, පියපත් සෙවනේ, හිඳිනෙම් මෙමා
මගෙ දෙව් තුමානෝ, බලකොටුව මාගේ
සතුරන් අතින් මා ගලවමින් සුරකී සදා
එතුමන්ගේ සෙවනේ, සිටිනා වෙලේ
බිය නොම දැනේ, ශක්තිය ගෙනේ, දිවිමංතලේ
දෙවිඳුන් පමණයි, මගෙ සහනේ...
~ ස්කේල් එක වෙනස් කිරීම ~
දෙවිඳුන් පමණයි, මගෙ සහනේ...
දෙවි සමිඳුන්ගේ, පියපත් සෙවනේ, හිඳිනෙම් මෙමා
ස්වර්ග ටීවී නිෂ්පාදනයක්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →