← Back to all songs
WORSHIP

ස්වර්ගික ජීවිතයක් මේ පොළොවේ

Swargika Jeewithayak Me Polowe

ස්වර්ගික ජීවිතයක්මේ පොළොවේ ගෙවන්නට

යේසුස් ලේ තුළින් හැකිවේ

අපව ස්වර්ගයේ ඉඩමටසූදානම් කරන්නේ

එසවුනු යේසුස්ගේ ලෙයයි

තෘෂ්ණාවෙන් හා පාපේ බලයෙන්අප මිදුවේ

පව් සෝදන ශුද්ධ ලෙයයි

ඇදහිල්ලෙන් දෙව් ප්‍රීතිය සැමට ඇතේ

ලේ ක්‍රියාව ආලේප කරන්

ඒ ලේ අනගි ලේ යේසුස්ගේ අනගි ලේ

එය සෝදයි මා තුළ ක්‍රියා කරයි

එහි බලය දෙව් වචනයේ පවසයි

ඒ ලේ අනගි ලේ යේසුස්ගේ අනගි ලේ

එහි බලයත් ක්‍රියාවත් කිසිදා නොනවතියි

ජීවනයයි අනගි ලේ

දෙවිඳුන්ගේ ලෙයින් පවිත්‍ර වන්නට

අප එතුමන්ට සතු විය යුතුයි

”අප බැඳීමෙන් නිදහස් බව” ලේ පවසයි

”අපි පාපෙට සේවය නොකරමු”

හිමිගේ දිව්‍ය සළකුණ අපහට තැබුවේ

එය සැමදා හිමි ඉදිරියේ පවතියි

හිමි ඒ හඬ අසනා විට”මිදුවෙමි” ලේ පවසයි

එතුමන්ගේ අනුග්‍රහයේ ලෙයයි

යේසුනි ඔබෙ ලේ මට ජීවනයයි දුන්නේ

ඔබගේ ලෙයින් නව ස්වභාවය ලැබුවේ

මා නිර්දෝෂයි ඔබගේ ලෙයින්

ඔව් අනගියි ක්‍රිස්තුස්ගේ ලේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →