← Back to all songs
HYMN

ආත්මයාණෙනි, ආත්මයාණෙනි

Aathmayaaneni Balayea Aathmayen

ශුද්ධාත්මයාණන් · Holy Spirit

ආත්මයාණෙනි, ආත්මයාණෙනි

ශුද්ධ ආත්මයාණෙනි //

බලයේ ආත්මයෙන් - ගින්නේ ආත්මයෙන්

පුබුදුවන්න ආත්මයාණනි //

කිළුටුකමින් ජය ලබන්න

දේව සෙනඟ පුබුදුවන්න

එවන්න දැන් බලය ආත්මෙනි //

ආත්මයාණෙනි, ආත්මයාණෙනි

ශුද්ධ ආත්මයාණෙනි //

සුවයේ ආත්මයෙන් - මිදීමේ ආත්මයෙන්

අත ගසන්න ආත්මයාණනි //

ඔබෙ වචනයෙ ගිවිසුම ලෙස

දේව සෙනඟ සුව කරන්න

ලකුණක් මෙන් වන්න ආත්මෙනි //

ආත්මයාණෙනි, ආත්මයාණෙනි

ශුද්ධ ආත්මයාණෙනි //

ප්‍රේමයේ ආත්මයෙන් - ජීවනේ ආත්මයෙන්

සනසවන්න ආත්මයාණනි //

දේව හඬට යටත් වන්න

ජයෙන් ජයට පා තබන්න

බලය දෙන්න ආත්මයාණනි //

ආත්මයාණෙනි, ආත්මයාණෙනි

ශුද්ධ ආත්මයාණෙනි //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →